පුරාණ සිද්ධස්ථානවල සිට ඩිජිටල් සිහින දක්වා විහිදෙන චීනයේ දක්ෂිණ දිග සිචුවාන් (Sichuan) පළාත පිළිබද එලිදැක්වීම

සිලොනීස් (Ceylonese) සඟරාවේ සංස්කාරකවරයාගේ ඇසින්

බීජිං නගරයෙන් දකුණට කිලෝමීටර් 1800ක් පමණ දුරින් පිහිටි සිචුවාන් පළාත යනු, ඉතාමත් සුන්දර භූ දර්ශනයන් ගෙන් අනූන මෙන්ම ඉපැරණි ඉතිහාසයකටද හිමිකම් කියන, විවිධත්වයෙන් පිරුණු භූමියකි. ඉතාමත් පැරණි නගර ගංගාවන් වළාකුළු හරහා ගමන් කරන දුර්ලභ දර්ශන මෙන්ම අති නවීන ඩිජිටල් සංස්කෘතික කලාප පවා තිබෙන මෙම දක්ෂිණ දිග චීන පළාත ඔබට පුදුම සහගත සංචාරක අත්දැකීමක් ලබාදෙයි.

ඉතිහාසයට උරුමකම් කියන සංචාරක උද්‍යානයන්

නගර මධ්‍යයේ පිහිටි යාං ශෙංආන් ස්මාරකය (Yang Sheng’an Ci) ක්වින් රාජධානියේ පූජනීය විද්වතෙකු වූ යාං ශෙංආන් මහතාගේ මතක සලකුණ ඔබේ සංචාරය ආරම්භ කිරීම සඳහා සුදුසුම ස්ථානයකි කුඩා මැද අංගනයක් සහිත මෙම ස්මාරකය සිචුවාන් පළාතේ සාම්ප්‍රදායික බුද්ධිමය උරුමය කදිමට ප්‍රදර්ශනය කරයි.

මිනිත්තු කිහිපයක් දුරින් මධ්‍යම චෙන්ග්ඩු හි ප්‍රසිද්ද නාගරික ක්ෂේම භූමියක් වන ගුයිලින් වැව උද්‍යානය පිහිටා ඇත. එහි විල් අද්දර දිවෙන මාර්ග, සාම්ප්‍රදායික මණ්ඩප සහ දේශීය තායි-චි අලුයම චාරිත්‍ර වාරිත්‍ර සමඟින්, සිචුවාන් හී දිනපතා ජීවිතයේ දැකිය හැකි අසිරිමත් බව අපට පෙන්වා දෙයි.

සිචුවාන් උප නිවර්තන කළාපයේ අවුරුද්ද පුරාම හිම මත ලිස්සා යාම

හිම මත ලිස්සා යාම සීතකාලයට පමණක් සීමා වෙයි කියලා ඔබට හිතනවා නම්, එය ඔබට සිදුවූ වැරදීමක්. අවුරුද්ද පුරා හිම ක්‍රීඩා කළ හැකි ජියැන්ෆෙන්ග් හිම පිහිනුම් උද්‍යානය (Xindu Jianfeng Dry-Snow Ski Resort) චෙන්ග්ඩූ නගරයෙන් පැයක් පමණ දුරින් පිහිටා ඇති විශාලතම උද්‍යානයකි. 2017දී ආරම්භ කළ මෙම උද්‍යානය අක්කර 60 පමණ භූමිභාගයකින් ආවරණය වන අතර, නවකයන්ගේ සිට පළපුරුදු ක්‍රීඩකයන් සඳහා වෙන් කළ උස් කඳු බෑවුම් මෙහි පිහිටා ඇත. මෙහි මීටර් 40 උස Big Air jump එකක්ද ඇති අතර  එය අයිලීන් (Eileen Gu) සහ සු යිමි (Su Yiming)  වැනි ජාතික ක්‍රීඩකයන්ගේ පුහුණු ස්ථානයකි. මෙහි භාවිතා වන “mushroom‑bristle” යන කෘත්‍රිම හිම මතුපිට, උණුසුම් දිනවල පවා සැබෑ හිම මත ලිස්සා යන අත්දැකීමම 90%ක් පමණ ඔබට ලබා දෙයි.

ලෝකඩ (Bronze) යුගයේ අභිරහස්

සිචුවාන් ගමනක අනිවාර්ය ස්ථානයක් වන්නේ සැන්ෂින්ඩුයි කෞතුකාගාරයයි. චෙන්ග්ඩූ නගරයෙන් පිටත පිහිටි මෙම කෞතුකාගාරය, අවුරුදු 3,000 – 4,000 පැරණි වූ නාගරික සංස්කෘතියේ (Shu Civilization) අති විශිෂ්ට කලාකෘති අද්භූත මුහුණු ආවරණ, උස් ප්‍රතිමා වැනි රැසක් අපගේ මතකයේ රඳවයි. මෙය චීනයේ වැදගත්ම පුරාවිද්‍යාත්මක සොයාගැනීම් අතරින් එකකි.

බිත්ති සහිත උරුමය – චෙන්ග්ෂියැං පුරාණ නගරය

චෙන්ග්ෂියැං ගු චෙන්ග් (Cheng Xiang Gu Cheng) යනු, ඉපැරණි නගර ප්‍රවේශ දොරටු, පුරාණ ගෘහ නිර්මාණ ශිල්ප, ගල් ඇතිරූ මං මාවත්, සහ දේශීය වෙළෙඳසැල් සහිත ඉතාමත් සුරක්ෂිත පෞරාණික නගරයකි. මෙහි සිටින විට කාලය සෙමින් ගමන් කරනා බවක් අපට හැඟෙයි. සෙරමික් කෝප්ප වලින් දේශීය තේ ලබාදෙන අතර, මෙහි සිටින වෙළෙඳුන් සිනාමුසු මුහුනින් ඔබව පිළිගනී.

ඩිජිටල් නිර්මාණ හැකියාව මගින් ආර්ථිකය ගොඩනැගීම

සිචුවාන් පුරාණත්වයට පමණක් සීමා නොවී, එය චෙන්ග්ඩූ-චොන්ග්කිං ද්විත්ව නගර ආර්ථික කවය (Tianfu Changdao Digital Cultural & Creative Park) ගොඩනැගීම බලවත් දායකත්වයක් සපයයි. මෙය අනාගත චීනයේ ව්‍යාපෘති, සැලසුම්වලට අතිශයන්ම වැදගත් වන නිර්මාණකරණ කලාපයකි.

මෙයට හොදම උදාහරණයක් වන්නේ ටියැන්ෆු චැන්ග්ඩාඕ ඩිජිටල් සංස්කෘතික නිර්මාණ පුරයයි. චෙන්ග්ඩූ නව තාක්ෂණ කලාපයේ පිහිටි මෙම ආයතනය, සංගීතය, චිත්‍රපට, ක්‍රීඩා, සජීවීකරණය හා ඩිජිටල් කලාව සඳහා කදිම වේදිකාවක් ලෙසද ක්‍රියා කරයි. විලාසිතාගත වාතාවරණය හා නව නිර්මාණශීලීත්වය මෙහි ඉතා හොදින් මුසු වෙයි.

සංස්කෘතික කළාපයක පිහිටි ගෝලීය වෙළෙඳපොල

චෙන්ග්ඩූ නගරය පිහිටි අරොං ඔයු ජාතික භාණ්ඩ ප්‍රදර්ශනාගාරය (Arong OU National Commodity Pavilion) ගෝලීය වෙළෙඳ භාණ්ඩ සඳහා ඉතා හොඳ ප්‍රවේශයක් ලබාදෙයි, මෙහි ශ්‍රී ලංකාට වෙන්වූ කොටසක්ද ඇති අතර  එහි අපේ රටේ තේ, අත් යන්ත්‍ර රෙදිපිළි, කුළුබඩු දේශීය අත්කම් භාන්ඩ විකිනීමට ඇත.

මෙමගින් ගෝලීය හුවමාරු මධ්‍යස්ථානයක් වීමේ චෙන්ග්ඩු හි අභිලාෂය ඉතා හොදින් පිළිබිඹු කරන අතර චීනයේ එක් තීරයක් එක් මාවතක් දැක්ම සාක්ෂාත් කරයි.

උපායමාර්ගික යටිතල පහසුකම් සහ ද්විත්ව නගර කලාපය

චෙන්ඩු-චොංකිං ආර්ථික කවය තුළ සිචුවාන්හි කාර්යභාරය වනුයේ විශිෂ්ට ප්‍රවාහන සම්බන්ධතා, පුළුල් සංචාරක යටිතල පහසුකම් සහ ප්‍රධාන බටහිර චීන නගරවලට පහසුවෙන් ඇතුල් වීමට ඇති හැකියාවයි. සංචාරකයින්ට, සංස්කෘතික විනෝද චාරිකා, අධි තාක්ෂණික අත්දැකීම් සහ සොබාදහමේ චාරිකා සමඟ ඒකාබද්ධවී සංචාරය කලහැකි අතර, කලාපය තුල ඒ සියල්ල හොඳින් සම්බන්ද කෙරේ.

යෝජිත ගමන් සැලැස්ම            

පෙරවරු: යාං ශෙංආන් ස්මාරකයට යාම, ඉන්පසු ගුයිලින් වැව උද්‍යානයේ ටයි-චි වෘත්තිකයින් සමඟ අත්දැකීමක් බෙදා ගැනීම.

මධ්‍ය භාගය: ජියැන්ෆෙන්ග් හිම මත ලිස්සා යාමේ උද්‍යානයට ගමන් කිරීම. එහිදී ස්කී ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අන්දම නරඹමින් චොන්ග්කිං-මෝල නූඩ්ල්ස් වර්ගයක රස බැලීම.

සවස් කාළය: සැන්ෂින්ඩුයි කෞතුකාගාරයේ ඇති පුදුම සහගත ප්‍රදර්ශන භාන්ඩ නරඹමින් චෙංෂියැං පුරාණ නගරයේ ජීවමාන ඉතිහාසය අධ්‍යයනය කීරීම.

සංචාරය අවසන්  වන්නේ ටියැන්ෆු චැංඩාඕ හි ය. එහිදී ඩිජිටල් නිර්මාණ, කැෆෙ සහ කලා මධ්‍යස්ථාන දැක ගත හැකි වේ. එහදී ඔබට ඔහුන්ගේ දස්කම් අගය කළ හැකි වෙන අතර ජාතික වෙළඳ භාණ්ඩ මණ්ඩපයට ගොඩ වී ශ්‍රී ලංකාවේ තේ සහ අත්කම් සාම්පල දැක ගත හැකිය.

ඔබ සිචුවාන් වෙත යා යුත්තේ ඇයි ?

සුපරීක්ෂාකාරී සංචාරකයාට, සිචුවාන් යනු වනාහි සංස්කෘතික සහ තාක්ෂණික විශ්වයකි. පුරාණ ලෝකඩ දෙවිවරුන්ගේ පීළිම, ශිෂ්ටචාරාත්මක ස්මාරක, සහ විද්වත් සිද්ධස්ථාන, ඩිජිටල් නිර්මාණ සහිත රියැලිටි චිත්‍රාගාර, ගිම්හානයේ මැද භාගයේ කඳු මුදුනේ හිම මත ලිස්සා යාම සහ දේශීය ඖෂධ පැළෑටිවලින් සුවඳවත් පුරාණ මංතීරු. සිචුවාන් යනු සංස්කෘතිය සහ තාක්ෂණය එකට කැටි කොට ගත් චීනයේ වේගයෙන්ම වර්ධනය වන නිර්මාණාත්මක ආර්ථිකය සහ ගංගා ආශ්‍රිත ශිෂ්ටාචාරයන් හමුවන මායිමක් සහ සංස්කෘතිය නවීන තාක්ෂණය අතර නොනවතින අත්දැකීමක් වන නිසා.

සිචුවාන් යනු බලන්නට පමණක් නොව, අත්විඳින්නට හැකි භූමියකි. ඔබ සැන්ෂින්ඩුයි හි මියැදි යුගයක විමුක්ති මුහුණු ආවරණ දෙස බලා සිටියද, උණුසුම් දවස්වල හිම මත ගමන් කළත්, හෝ ඩිජිටල් උද්‍යානයක සිලෝන් තේ කොප්පයත් බොන විට, මෙම පළාත පිළිබද ඔබේ සිහින සහ පරිකල්පන සහස්‍ර ගණනාවක් පුරා දිග හැර ගැනීමට හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Contact the Publisher

+94 768082016

Explorate

Headquarter

115A, Park Road, Colombo 5
Sri Lanka

Connections

CEYLONESE 2025

Subscribe Now